Friday, January 4, 2019

LIFE IS COMMERCE



යසෝධරා දේවි බාලිකා විද්‍යාලය ගම්පහ 12 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යනය ප්‍රශ්න පත්‍රය
https://drive.google.com/file/d/1VkTyiWvtM9vKeopgb-7Dx47IMgxlzGQ1/view?usp=drivesdk

Tuesday, December 18, 2018

Monday, December 10, 2018

BSSTUDENTS1ST


😨 "වෙළඳපොළ වර්ග" කිහිප ආකාරයකට ප්‍රශ්න ගොඩනැගිය හැකි මුලික විෂය කරුණකි.
🤔 ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් මුණගැසෙන හෝ සම්බන්ධ වන ඕනෑම තත්ත්වයක් වෙළඳපොලක් ලෙස
හඳුන්වයි.මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටුකර ගැනීමට යොදා ගන්නා භාණ්ඩ හා සේවා සපයා ගැනීම වෙළඳපොල මගින් සිදු කරයි.

🎖️️ "වෙළඳපොළ වර්ග දෙක පැහැදිලි කරන්න"
🎖️️පාරිභෝගික මැදිහත්වීම අනුව වෙළඳපොළ වර්ග කරන්න.
🎖️️ නූතන වෙළඳපොළ වර්ග කරන්න.
🎖️️විද්‍යුත් තාක්ෂණය උපයෝගී කර ගැනීම 
මත වෙළෙඳපොළ කොටස් දෙක නම් කරන්න.

ඉහත දැක්වෙනුයේ එවනි ප්‍රශ්න කිහිපයකි...
දැන අපි පිළිතුරක් ගොඩනගමු.

🌞 වෙළෙඳපොළ වර්ග දෙක පැහැදිලි කරන්න.

1. අවශ්‍යතා හා වුවමනා අනුව වර්ග කිරීම
මෙය නැවත කොටස් දෙකකි..
i - පාරිභෝගික (Consumer) වෙළෙඳපොළ                   ["භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්නන්ගේ" වෙළඳපොළ ]
ii - කාර්මික (Industrial) වෙළෙඳපොළ
[භාණ්ඩ හා සේවා  මිලදී ගන්නා "ව්‍යාපාරිකයන්ගේ" වෙළෙඳපොළ.
2. පාරිභෝගිකයා මැදිහත් වන මට්ටම අනුව වර්ග කිරීම.
මෙයද කොටස් කිහිපයකින් සමන්විත වේ
i- ගෝලීය (Global)
ii- කලාපීය (Geographic)
iii- ප්‍රජා (Demographics)
iv- විභව (Potential)
v- සත්‍යය (Actual)
vi- අවශ්‍යතා (Need)
vii- නිෂ්පාදිත (Product)

🌞 පාරිභෝගික මැදිහත් වීම මත වෙළඳපොළ වර්ග කරන්න.

1.ගෝලීය
- ජාත්‍යන්තර මට්ටමින් පවත්වා වෙළඳපොළ.
2.කලාපීය
- සැfප්ටා,EU,නැfප්ටා ලෙස නම් නම්කරන වෙළදපොල.
3.ප්‍රජා
- පුද්ගල ගති ලක්ෂණ හා බැඳි වෙළඳපොළ.
4.විභව
- කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා පාරිභෝගිකයා තුළ ඇති වන ප්‍රමාණවත් කැමැත්ත සලකා බැලෙන වෙළෙඳපොළ
5.සත්‍ය
- කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් දිගින් දිගටම මිලදී ගන්නා හා පරිභෝජනය කරන ගනුදෙනුකරුවන් සීමිත වෙළෙඳපොළ.
6.අවශ්‍යතා
- සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන සඳහා පවත්නා ඉල්ලුම සම්බන්ධ වෙළඳපොළ
7. නිෂ්පාදිත
- නිශ්චිත භාණ්ඩ හා සේවා සඳහා වූ වෙළඳපොළ.

🌞 නූතන වෙළඳපොළ වර්ග
1. පාරිභෝගික වෙළෙඳපොළ Consumer  - ( පාරිභෝගික භාණ්ඩ හා සේවා අලෙවි වන )
2. සේවා වෙළෙඳපොළ Service  -  (මූල්‍ය සේවා,කාර්මික සේවා හුවමාරු වන)
3. ප්‍රාග්ධන භාණ්ඩ වෙළෙඳපොළ Capital goods - ( යන්ත්‍රෝපකරණ හෝ මාරුවන )
4. ශ්‍රම වෙළඳපොළ Labour - (ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන)
5. නිවාස හා දේපල වෙලඳපොල Housing Market
6. මුදල් වෙළෙඳපොළ Money Market
7.ප්‍රාග්ධන වෙළෙඳපොළ Capital Market
8. ද්‍රව්‍ය වෙළඳපොළ Commodity Market
9. කාර්මික වෙළෙඳපොළ  Industrial Market

🌞 විද්‍යුත් තාක්ෂණය උපයෝගී කරගැනීම මත වෙළෙඳපොළ කොටස් දෙක නම් කරන්න.
1.වෙළඳපොළ ස්ථානය Market Place
- හුවමාරුව සඳහා ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් මුණ ගැසෙන ස්ථානයක්, භූමියක් වෙළඳපොළ ස්ථානය ලෙස හැඳින්වේ.
2. වෙළෙඳපොළ අවකාශය Market Space
- විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිතා කරමින් භාණ්ඩ හා සේවා විකිණීම හා මිලට ගැනීම අවකාශය තුලින් සිදුවීම වෙළඳපොළ අවකාශ නම් වේ.
-----------°°°°°°°°-------------
👍LIKE
✍️COMMENT
💯SHARE
🌷TAG UR BEST FRIENDS
📲Whats App
0772977734
📧 Email - businessstudystudents@gmail.com
💻FB - #BSSTUDENTS1ST
🤟 කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..
💯 ඔබේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටලු අප වෙත එවන්න අපි සුදානම් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරිමට...
😀 නිර්මාණශිලි ව්‍යාපාර අධ්‍යයනය,විෂය දැනුමැති සිසුවෙකු අපගේ සිහිනයයි.
👍ඔබගේ මිතුරන් දැනුවත් කරනත් අමතක කරනන එපා.
#BUSINESS #STUDIES #STUDENTS®
#BSSTUDENTS1ST©

Sunday, December 9, 2018

BSSTUDENTS1ST



ම්ම්ම් අලුත් කරුණක් හැබැයි ඔයලා නිතරම දැකලා තියන ලාංඡනයක් තමයි මේ#Superbrands කියනේ...🤔

👉 ලන්ඩන් පිහිටි #Superbrands කියන පරිපාලන ආයතනය විසින්  යම්කිසි නිෂ්පාදන ක්ෂේත්‍රයක ජනප්‍රියතම(සුපිරි) සන්නම් හිමි
නිෂ්පාදනය ආයතනයට තමයි මේ සම්මානය වර්ශිකව පිරිනමනු ලබන්නේ..

👉 රටවල් වල පවතින සුපිරි සන්නම් නාම තෝරා එම සන්නම් නාම යටතේ පවතින නිෂ්පාදන ඇගයීමට ඇගැයීමට පිරිනමන සම්මානයක් ලෙස  #Superbrands සම්මානය හදුනාගත හැකිය.

👉  පාරිභෝගිකයාගේ සිතැඟි ,චිත්ත වේගාත්මක  හැගිම්, මත සන්නම කොතරම් ආකර්ෂණීයද ,සන්නම කොතරම් දැනුවත් ද ,සන්නමේ තරගකාරිත්වය කෙබඳු වේ ද ,එම සන්නම වෙළඳපොලේ කොතරම් පරාසයක් ආවරණය කර තිබේ ද  කරුණු  පිලිබද සැලකිල්ලට ගෙන ශක්තිමත්* කැපිපෙනෙන* වෙළෙද සන්නම තෝරා ගනී...

👉 නිෂ්පාදන ක්ෂේත්‍ර කිහිපයක මෙම සන්නම දිනා ගත් ආයතන කිහිපයක් පහත දැක්වේ.

👉 Oil & Gas ▶️ Shell
👉 Financial General ▶️ Visa
👉 Automotive Vehicle Manufacture ▶️ BMW
👉 Drinks- Non Alcoholic ▶️ Coca - Cola
2018 වර්ශයේ මෙමෙ #Superbrands සම්මානය දිනාගත් සන්නම් හා නිෂ්පාදනය ආයතන ලැයිස්තුව ⬇️



-----------°°°°°°°°-------------
👍LIKE
✍️COMMENT
💯SHARE
🌷TAG UR BEST FRIENDS
📲Whats App
0772977734
📧 Email - businessstudystudents@gmail.com
💻FB - #BSSTUDENTS1ST
🙏🏻
කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..💕
💯 ඔබේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටලු අප වෙත එවන්න අපි සුදානම් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරිමට...
😀 නිර්මාණශිලි ව්‍යාපාර අධ්‍යයනය,විෂය දැනුමැති සිසුවෙකු අපගේ සිහිනයයි.
👍ඔබගේ මිතුරන් දැනුවත් කරනත් අමතක කරනන එපා.
#BUSINESS #STUDIES #STUDENTS❤️

Friday, December 7, 2018

BSSTUDENTS1ST
මුදල් වර්ග Types of Money


1.ව්‍යවහාර මුදල් Currency

👉රටක මූල්‍ය අධිකාරිය/බලධාරියා විසින් එරට එරට ප්‍රධාන  මුදල් ඒකකය යටතේ නිකුත් කරන කාසි හා නෝට්ටු ව්‍යවහාර මුදල් නමින් හැඳින් වේ.

👉  ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් නිකුත් කරයි.ව්‍යවහාර මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමකි.

😀 ව්‍යවහාර  මුදලින් ගෙවීම් ක්‍රමයේ වාසි -
Advantages of payment of Currency

👉 ගනුදෙනු ඉක්මනින් නිම වීම හා එවෙලේම ගිණුම් තැබිය හැකි වීම.

👉 නෛතික පිළිගැනීමක් තිබීම .

👉 පූර්ණ ද්‍රවශීලතාවය

👉 විශ්වාසවන්ත භාවය වැඩි වීම

👉 පරිහරණය පහසු වීම හා ඉක්මනින් හඳුනා ගත හැකි වීම.

👉 කුඩා කොටස් වලට වෙන් කිරීමේ පහසුව

😤 ව්‍යවහාර මුදල් ගෙවීම් ක්‍රමය අවාසි -
Limitations of payment of Currency

👉 මුදල් ගෙවූ බව ඔප්පු කිරීමට සාක්ෂි නොමැති වීම .

👉 ගෙවීමේදී ආරක්ෂිත බව අඩු වීම

👉 ගබඩා කිරීමට හා ආරක්ෂා කිරීමට අමතර පිරිවැයක් දැරිය යුතු වීම

👉 නිශ්චිත මුදලක් ගෙවීමට මාරු කාසි හා නෝට්ටු හිඟ වීම

2. බැංකු මුදල් Bank Money

👉 වාණිජ බැංකු සතු මහජනයාගේ ජංගම/ඉල්ලුම් තැන්පතු ශේෂ මෙයට අයත් වේ. රජය සතු ජංගම ගිණුම් ශේෂ මීට ඇතුළත් නො කෙරේ.

👉 මහජනයා සතු ඉල්ලුම් තැන්පතු ඉහල ද්‍රවශීලතාවය කින් යුත් මූල්‍ය වත්කමක් වේ.

3. ආසන්න මුදල් Near Money

👉 ව්‍යවහාර මුදල් මෙන් දැඩි ද්‍රවශීලතාවයක්  නොමැත.එහෙත් පහසුවෙන් හා ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කළ හැකි විවිධ මූල්‍ය පත්‍රිකා ආසන්න මුදල් ය .

👉 කෙටි දැනුම් දීමකින් මුදල් කර ගත හැකි වෙතත්, මුදල් බවට පත් පත්කිරීමේදී පත් කිරීමේ දී සාමාන්‍යයෙන් මූල්‍ය අලාභයක් සිදු විය හැක.

උදා - භාණ්ඩාගාර බිල්පත්, වාණිජ බැංකු සතු ඉතුරුම් තැන්පතු

4. විද්‍යුත් මුදල් E- Money

👉 පරිගණක ජාලයක් උපයෝගී කරගෙන විවිධ පාර්ශ්වයන් අතර හුවමාරු මාධ්‍යයක් ලෙස භාවිතා කළ හැකි මුදල් විද්‍යුත් මුදල් වේ.

👉 මෙම මුදල් #Network Money* හෝ Cyber Money යනුවෙන් ද හැඳින් වේ.

විද්‍යුත් මුදල් වර්ග 🤔
✍️හරපත [Debit Cards]
✍️බැර පත [Credit Cards]
✍️ස්මාර්ට් කාඩ්පත් [ Smart Cards]
✍️පෙර ගෙවුම් කාඩ් පත් [Pre - Paid Cards]
✍️ ෂොපින් කාඩ්පත් [ Shopping  Cards ]

හර පතකින් හෝ බැර පතකින් ගෙවීම [Debit Cards or Cards Payment]

📙 ආරක්ෂිත වීම .
📙 නියමිත මුදලට ම ගෙවිය හැකි වීම.
📙එහෙත් විද්‍යුත් මුදල් ගනුදෙනු කිරීමේ පහසුකම විකුණන්නාට තිබිය යුතු වීම අවාසියකි .
📙හර කාඩ් කාඩ්පතකින් ගණුදෙනු කිරීමට ගිණුමේ මුදල් තිබිය යුතු අතර බැර කාඩ්පත් කින් යම් සීමාවක් මත ණයට ගනුදෙනු සිදුකළ හැක.

✍️අභ්‍යාස - බැංකු මුදල් හා විද්‍යුත් මුදාල් අතර වෙනස
✍️අභ්‍යාස - ගණුදෙනු සඳහා භාවිත විද්‍යුත් මුදල් නම් කර ඒවා ජනප්‍රිය වීමට හේතු පැහැදිලි කරන්න
✍️ අභ්‍යාස - ගණුදෙනු සඳහා ව්‍යවහාර මුදල් හා චෙක්පත් භාවිතය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර විද්‍යුත් මුදල් භාවිතය වැඩි වී ඇත මෙසේ විද්‍යුත් මුදල් භාවිතය වැඩි වීමට හේතු

5) නියෝජ්‍ය මුදල් [ Agent Money ]

ව්‍යවහාර  මුදලින් ගෙවීම සිදු කිරීම අපහසු අවස්ථාවලදී අදාළ ගෙවීම් නිත්‍ය ලෙස සිදුවීම සඳහා භාවිතා කරන පත්‍රිකා හෝ ලියකියවිලි නියෝජ්‍ය මුදල් නම් වේ.

උදා - ගනුදෙනු කළහැකි උපකරණ.

6. පූර්ණ මුදල් [ Perfect Money ]

👉මුහුණත වටිනාකමට සමානව අඩංගු ලෝහයේ වටිනාකම සහිත නෛසර්ගික වටිනාකමක් සහිතව සකස් කරන ලද මුදල් පූර්ණ මුදල් නම් වේ.

උදා - අතීතයේ භාවිතා කළ රන් කාසි/ ස්ටර්ලින් පවුම්.

7. නිමිති මුදල් [Token Money]

මුහුණට වටිනාකමට සමාන නෛසර්ගික වටිනාකමක් නැති නිල වටිනාකමක් ඇති මුදල් නිමිති මුදල් ය.

නිදාසුන් -  කාසී  හා නෝට්ටු..

8. කළු මුදල් [Black Money]

👉විධිමත් හෝ නීත්‍යානුකූල නොවන ක්‍රම තුලින් උපයාගත් මුදල් කළු මුදල් නමින් හැඳින්වේ.කලු මුදල් නැවත සාමාන්‍ය නීතියානුකූල සංසරණයට ඇතුළත් කරගැනීමට රජයේ විවිධ පියවරයන් හෝ උපක්‍රම භාවිතා කරනු ලැබේ.

නිදාසුන් -
✍️තැන්පත් සහතික ක්‍රම හඳුන්වා දීම.
✍️භාණ්ඩාගාර  තැන්පත් සහතික හඳුන්වා දීම .
✍️තැන්පත් සදහා අංකිත ගිණුම් ක්‍රම ඇරඹීම.

👍👎 වර්තමානයේ අවිධිමත් ජාවාරම් වලින් උපයා ගනු ලබන කලු මුදල් බැංකු උපයෝගී කරගෙන නීතියානුකූල තත්ත්වයට පත් කිරීමට විවිධ උපක්‍රම අනුගමනය කිරීම "මුදල් විශුද්ධිකරණය" ලෙස හැඳින්වේ.

👎👍 "KYC" [Know Your Customer] නීති යටතේ ගිණුමක් විවෘත කිරීමේදී අනන්‍යතාවය කෙරේ දැඩි අවධානයක් යොමු කරන ලෙස අදාළ රටවල මහ බැංකු විසින් උපදෙස් ලබා දී ලබා දී ඇත්තේ මුදල් විශුද්ධිකරණයෙන් බැංකු මුදවාගැනීම සඳහා වේ .

👍👎 මේ අනුව සෑම බැංකුවක්ම ගිණුම් විවෘත කිරීමේ දී KYC නීතිය මද ලියකියවිලි ලබා ගන්නා අතර ලක්ෂ 10ක් ඉක්ම වූ සැකසහිත ගනුදෙනුව ම ශ්‍රී ලංකා මහ බැංකුවේ යුද්ධයකට වාර්තා කළ යුතුය

9). අධි බලති මුදල් / පදනම් මුදල් [High power Money / Base Money]

👉රටක මුදල් සැපයුම් පදනම් වූ අධි ද්‍රවශීලතාව යුතු මුදල් පදනම් මුදල් ලෙස හඳුන්වයි.

👉මහජනයා හා වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකු මහ බැංකුවේ පවත්වන්න තැන්පතු මෙම ගණයට ඇතුළත් වේ.

10. යුරෝ මුදල්  [Euro Money]

👉සාමාන්‍යයෙන් රටක මූල්‍ය බලධාරියා ලෙස මහ බැංකුව මුදල් නිකුත් කරන නමුත් මෑතකදී රටවල් කිහිපයක් එකතු ව එක් මුදල් වර්ගයක් නිර්මාණය කරන ලදී මෙම මුදල් වර්ගය "යූරෝ"මුදල් ලෙස හැඳින්වේ.

👉යුරෝපීය සංගමය විසින් 1999.01.01 දින සිට තම සාමාජික රටවල භාවිතයට හදුන්වා දුන් මුදල් වර්ගයයි යි.යුරෝපීය පොදු වෙළඳ හවුලේ සාමාජික රටවලින් යුරෝ භාවිතා කරන රටවල් වන්නේ..

🛅️ බෙල්ජියම,ඕස්ට්‍රේලියාව, පින්ලන්තය,ප්‍රංශය ජර්මනිය, නෙදර්ලන්තය, අයර්ලන්ත, ඉතාලිය, පෘතුගාලය හා ස්පාඤ්ඤය.

                                     -නිමි-

ලිපිය ගැන ඔබේ අදහස #COMMENT කරන්න

📲Whats App
 0772977734

📧 Email - businessstudystudents@gmail.com

💻FB - #BSSTUDENTS1ST
🙏🏻
කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..💕

💯 ඔබේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටලු අප වෙත එවන්න අපි සුදානම් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරිමට...

😀 නිර්මාණශිලි ව්‍යාපාර අධ්‍යයනය,විෂය දැනුමැති සිසුවෙකු අපගේ සිහිනයයි.

👍ඔබගේ මිතුරන් දැනුවත් කරනත් අමතක කරනන එපා.
#BUSINESS #STUDIES #STUDENTS❤️

Wednesday, December 5, 2018


  • BSSTUDENTS1ST



මේ දවස් වල කතා වෙන ණය ශ්‍රේණිගත කිරීම ✍️

🤳 යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් හෝ රටක් විසින් ණය ලබාගත් විට ඒවා ආපසු කිරීමේ හැකියාවක් එම පාර්ශ්වවලට තිබිය යුතුය.එලෙස ලබා ගත් ණය හා එවැනි උපකරණ ආපසු ගෙවීමට එම ආයතන වලට ඇති හැකියාව පිළිබඳ කරනු ලබන තක්සේරුව "ණය ශ්‍රේණිගත කිරීම" ලෙස හදුන්වනු ලබයි.

🤔 මුල්‍ය වෙළද පොලේ ණය උපකරණ වල (සුරකුම්පත් වල) ආයෝජනය කරන්නාට එම ණය උපකරණ වල ගුණාත්මක නිවැරැදි අවබෝධ කර ගැනීමට මගපෙන්වීමක් නොයේ ශ්‍රේණිගත කිරීමේ ආයතන මගින් සලසා ඇත .

👉 ණය උපකරණ හෝ ඒවා නිකුත් කරන්නාගේ මූලිකත්වය පිළිබඳ කරනු ලබන ඇගයීමකි.ණය මුදලක් දුන්නට එම ණය මුදල ආපසු ලබාගැනීමේ ලබා ගැන ගැනීමේ සම්භාවිතාව ණය හිමියාට හෝ ආයෝජකයාට මෙම ශ්‍රේණිගත කිරීමෙන් දැන ගැනීමට හැකියාව ලැබේ.මෙම ණය ශ්‍රේණිගත කිරීම සඳහා පොදුවේ නිර්ණායක භාවිතා කරන බැවින් ඒවා ජාත්‍යන්තර වශයෙන් සැසදිය හැකිය .

📙 ණය ශ්‍රේණිගත කිරීම සඳහා පිහිටුවා ඇති ආයතන
1. සීමාසහිත ෆිච් රේටින්  (fitch rating)ලංකා සමාගම
• ඇමරිකා එක්සත් ජනපදයේ ෆීච් රේටින් සමාගම (45%)
• ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (20%)
• මහ බැංකුව ඇතුළු ආයතන දහතුනකට (35%)

2. ස්ටෑන්ඩට් ඇන්ඩ් පුවර්ස්  ආයතනය ( Standard & Poors)
• මෙය මැලේසියානු ශ්‍රේණිගත කිරීමේ ආයතනයයි.

3. මුඩ්ස් ඉන්වෙස්මන්ට් සර්විස්
රජය තමන් විසින් ලබාගත් මුළු ණය ප්‍රමාණය ම සේවාකරන (ගෙවීම්) සඳහා ඇති හැකියාව සහ ඒ පිළිබඳ දක්වන එකඟතාවය පිළිබඳ ව කරනු ලබන ගුණාත්මක තක්සේරුවක් සහ විධිමත් ඇගයීමකි.

රාජ්‍ය ණය තිරසර භාවය කියන්නේ එතකොට🤔

රජය ණය ආපසු ගෙවීමේ කොන්දේසි නැවත වෙනස් කිරීමේ සහ ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ගැලපීම් සිදුකිරීමේ කිසිඳු අවශ්‍යතාවක්       නොවන පරිදි රටකට තම වර්තමාන සහ අනාගත ණය සේවාකරණ වගකීම් සපුරාලීමට ඇති හැකියාව රාජ්‍ය ණය තිරසාරභාවය යන්නෙන් අදහස් කෙරේ.

👣හොඳ ණය ගෙවීමේ අගයක් ලබා ගැනීමෙන් මූල්‍ය ආයතනයකට අත්කර ගත හැකි වාසි .
😀 නීතිමය අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමට හැකි වීම.
😀 අරමුදල් සැපයීමෙන් ඇතිවන සාම්ප්‍රදායික බාධා ඉවත් කිරීම.
😀 මූල්‍ය ආයතනයේ කීර්තිනාමය වර්ධනය වීම.
😀 මූල්‍ය ආයතනයේ ලාභදායිත්වය ඉහළ යාම .
LIKE COMMENT SHARE
#BSSTUDENTS1ST©
🙏🏻
කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..💕
💯 ඔබේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටලු අප වෙත එවන්න අපි සුදානම් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරිමට...
😀 නිර්මාණශිලි ව්‍යාපාර අධ්‍යයනය,විෂය දැනුමැති සිසුවෙකු අපගේ සිහිනයයි.
👍ඔබගේ මිතුරන් දැනුවත් කරනත් අමතක කරනන එපා.
BUSINESS STUDIES STUDENTS❤️

BSSTUDENTS1ST

NSB, PLC, SLT හා ශ්‍රීලංකන් ණය ශ්‍රේණියෙන් පහළට

December, 5, 2018
ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකම ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමන්නට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් කටයුතු කර තිබේ.
මූඩීස්, ෆිච් රේටිංග්ස් හා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් යන ආයතන විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට කටයුතු කිරීමෙන් පසු මෙම පියවර ගෙන ඇත. මේ හේතුවෙන් රාජ්‍ය හිමිකාරීත්වය ප්‍රධාන වශයෙන් පවතින ආයතනවල ද ණය ශ්‍රේණීන් පහළ යාමේ අවධානමක් මේ වන විට උද්ගතව තිබේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙසින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යන මූල්‍ය ආයතන දෙකෙහි දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම 'B+' සිට 'B' දක්වා පහත දැමීමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය විසින් පියවර ගෙන ඇත.
මේ අතර බහුතර කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතු, ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි දිගුකාලීන විදේශීය හා දේශීය ණය ශ්‍රේණිගත කිරීම ද 'B+' සිට 'B' දක්වා පහත දැමීමට ෆිච් රේටිංග්ස් ආයතනය අද (05) දින පියවර ගෙන තිබේ.
මීට අමතරව 2019 ජූනි මාසයේ දී කල්පිරීමට නියමිත ශ්‍රීලංකන් ගුවන්සේවයේ ඩොලර් මිලියන 175 ක වටිනාකමකින් යුතු රජය සහතික කරන ලද බැඳුම්කර ද 'B+' සිට 'B' දක්වා ශ්‍රේණියෙන් පහළ දැමීමට ෆිච් රේටිංග්ස් කටයුතු කර ඇත.
කෙසේ වෙතත් ෆිච් රේටිංග්ස් සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම ‘B+’ (ස්ථාවර) සිට ‘B’ (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙලීමට ගත් තීරණ රටෙහි සාර්ව ආර්ථික මූලධර්ම මගින් පි‍ළිබි‍ඹු සා‍ධකවලට පටහැනිව සිදු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී.

Saturday, December 1, 2018

BSSTUDENTS1ST

කළුතර කලාපය
ව්‍යාපාර අධ්‍යනය
12 ශ්‍රේණිය
2018 පලමු  වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

https://drive.google.com/file/d/1Osq6_qX8AbJgml8vgJ2kqHrcmji67y-H/view?usp=drivesdk
#BSSTUDENTS1

Accounting 1st term 2018  Nugawela Central College


https://drive.google.com/file/d/1HjtdhJ9pyhO_xSVPTjSHUwRyj8nBn7Hp/view?usp=drivesdk

Friday, November 30, 2018

BSSTUDENTS1ST

ලෙයොලා විද්‍යාලය -  මීගමුව
ගිණුම්කරණය
13 ශ්‍රේණිය
දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය.

https://drive.google.com/file/d/1qPK1FFCCbpyFBF9T2FeZUBFE7XCKKgwm/view?usp=drivesdk